දියවැඩියා ඇස් රෝග

ඔබගේ රුධිර සීනි මට්ටම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම මගින් ඔබට දියවැඩියා රෙටිනොපති වර්ධනය වීමේ අවධානම අඩු කරගැනීම සහ එය තවදුරටත් නරක අතට හැරීම වැලැක්වීම සිදුකල හැක. බොහෝවිට මෙය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තෝරාගැනීමෙන් සිදුකල හැකි වුවද, සමහර අයට ඖෂධ ලබා ගැනීම ද අවශ්‍ය වේ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව

ඔබගේ සාමාන්‍ය සෞඛ්‍යය වර්ධනය සහ දියවැඩියා රෙටිනොපති වර්ධනය වීමේ අවධානම අඩු කරගැනීම ජීවන රටාවේ වෙනස්කම් කිහිපයකට හැඩ ගැසීම මගින් සිදුකල හැකියි. ඒවා නම්:

  • සෞඛ්‍යය සම්පන්න, සමබල අහාර වේලක් අනුභවය විශේෂයෙන්ම ලුණු, මේදය සහ සීනි කපා හැරීමට උත්සාහ ගන්න

  • එසේම ඔබගේ රුධිර සීනි මට්ටම (ඉන්සියුලින් හෝ මෙට්ෆොමින් වැනි), රුධිර පීඩනය (ACE ඉන්හිබිටර්ස්) සහ/හෝ කොලෙස්ටරෝල් මට්ටම (ස්ටැටින්ස්(statins) වැනි) පාලනය සදහා ඖෂධ නිර්දේශ කිරීම සිදුකල හැකියි.

    ඔබගේ රුධිර සීනි, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පිලිබඳව දැනගන්න

    නිතිපතා අධීක්ෂණයෙන් සහ ඒවායේ මට්ටම් දැනගැනීම මගින් ඔබගේ රුධිර සීනි මට්ටම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම නියමිත මට්ටමේ පාලනය කරගැනීම පහසු වනු ඇත. ඒවා අඩුවෙන් පවත්වා ගන්නට ඔබට දියවැඩියා රෙටිනොපති ඇතිවීමට ඇති හැකියාවද අඩු වේ. රුධිර සීනි ඔබ රුධිර සීනි මට්ටම නිවසේදී පරීක්ෂා කලේ නම් එය 4 - 10 mmol/l මට්ටමේ තිබිය යුතුයි. මෙම මට්ටම දවස පුරා වෙනස් විය හැකි නිසා, විවිධ වේලාවන්හිදී පරීක්ෂා කර බලන්න. පසුගිය සති කිහිපය පුරා සාමාන්‍යය රුධිර සීනි මට්ටම පරීක්ෂාවක් ඔබේ ශල්‍ය වෛද්‍යතුමා විසින් සිදු කරනු ඇත. ඔබගේ රුධිර පාලනයේ වැදගත් මිනුමක් වන හෙයින්, ඔබ මෙම සංඛ්‍යාව දැන සිටිය යුතුයි. මෙය HbA1c ලෙස හදුන්වන අතර, දියවැඩියාව සහිත බොහෝ අයගේ මෙය 48mmol/l පමණ හෝ 6.5% විය යුතුයි. වර්ගය 1 දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සහ වර්ගය 2 දියවැඩියාවට ප්‍රතිකාර කිරීම පිලිබඳව කියවන්න. රුධිර පීඩනය රුධිර පීඩන පරීක්ෂාවක් ඔබගේ වෛද්‍යතුමාගෙන් ඉල්ලා සිටීම මෙන්ම, නිවසේදී පාවිච්චි කිරීම සදහා ඔබට රුධිර පීඩන මොනිටරයක් මිලදී ගැනීමද සිදුකල හැකියි. රුධිර පීඩනය මැනීම රසදිය මිලි මීටර් (mmHg) සිදු කරන අතර එය මිනුම් දෙකක් ලෙස දැක්වේ. ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නේ නම් සාමාන්‍යයෙන් ඔබගේ රුධිර පීඩන කියවීම 140/80mmHg, ලෙස ද, ඇස් වලට හානිවීම වැනි දියවැඩියාවෙහි සංකූලතා වලින් පෙලෙන්නේ නම් 130/80mmHg වලට අඩුවෙන් පවත්වා ගැනීමටත් උපදෙස් ලබාදෙනු ලැබේ. අධි රුධිර පීඩනය වලක්වා ගැනීම සහ අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම පිලිබඳව තවදුරටත් කියවන්න. කොලෙස්ටරෝල් ඔබේ වෛද්‍යතුමා අසලදී සරල රුධිර පරීක්ෂාවක් මගින් ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම මැනීම සිදුකල හැකියි. රුධිරය ලීටරයකට මිලි මවුල වලින් මෙහි ප්‍රතිඵලය ලැබේ(mmol/l). ඔබට දියවැඩියාව ඇතිනම් ඔබගේ සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම 4mmol/l කට නොවැඩි ලෙස පවත්වා ගැනීමට ඉලක්ක කරන ලෙස ඔබට උපදෙස් ලැබෙනු ඇත. අධික කොලෙස්ටරෝල් වැලැක්වීම<0> සහ අධික කොලෙස්ටරෝල් වලට ප්‍රතිකාර කිරීම පිලිබඳව තවදුරටත් කියවන්න.

    රෙටිනොපති කල් තියා හදුනා ගැනීම මගින් එහි ප්‍රතිකාර වල ඵලදායී බව වැඩිකිරීමේ හා එය නරක අතට පත්වීම නැවැත්වීමට ඇති හැකියාව වැඩි කරයි. පහත ඒවා වැනි ඔබගේ දෑස් හෝ පෙනීම සම්බන්ධව කුමන හෝ ප්‍රශ්නයක් ඇති වූයේ නම් ඔබ වහාම ඔබගේ වෛද්‍යතුමා හෝ දියවැඩියා පාලන කණ්ඩායම සම්බන්ධ කර ගැනීම සිදුකල යුතුයි. එනම්:

    • පෙනීම ක්‍රමයෙන් නරක අතට පත්වීම
    • එක්වරම පෙනීම අහිමිවීම
    • ඔබට පෙනෙන සීමාවෙහි විවිධ හැඩයන් පාවෙනවා සේ පෙනීම(floaters)
    • බොඳ වී පෙනීම
    • ඇස් වල වේදනාව හෝ රතුවීම

    මෙම රෝග ලක්ෂණ ඔබට දියවැඩියා රෙටිනොපති ඇතැයි නියත වශයෙන්ම අදහස් කරන්නේ නැති අතර, නමුත් ඒවා කෙලින්ම පරීක්ෂා කිරීම වැදගත් වේ.